News

You are here

සියපත ෆිනෑනස් පීඑල්සී හැටන් නව ශාඛාව දැන් විවෘතයි.

Monday, December 3, 2018
Sinhala

සම්පත් බැංකු සමූහයේ පූර්ණ අනුබද්ධිත මූල්‍යය සමාගම වන සියපත ෆිනෑන්ස් පී. එල්. සී සමාගමේ 30 වන ශාඛාව දැන් හැටන් නගරයේදී විවෘතයි. හැටන් නගරයේ වටරවුම් පාරේ අංක 07 දරණ ස්ථානයේ ස්ථාපිත සියපත ෆිනෑන්ස් පී. එල්. සී නව ශාඛාව එහි කළමනාකාර අධ්‍යක්ෂ සමන් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය නොවැම්බර් මස 19 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණ. එම අවස්ථාවට ආයතනික නිලධාරීන් රැසක් හා ගනුදෙනුකාරභවතුන් රැසක් සහභාගී විය. 

සියපත ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ සමන් හේරත් මහතා නව ශාඛා පරීශ්‍රය විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවේදී අදහස් දක්වමින්  සියපත ෆිනෑන්ස් හැටන් ශාඛාව අපගේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවා මෙහෙවරේ තවත් එක් සන්ධිස්ථානයක්. ජනතා විශ්වාසය දිනූ සම්පත් බැංකු සමූහයේ ශක්තිය හා ස්ථාවරත්වය ඒ සමූහයේ සාමාජික සමාගමක් වන සියපත ෆිනෑන්ස් සතුව පවතිනවා.” යැයි පැවසීය.

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ විශ්වාසය සපිරි හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සමග මූල්‍ය සේවා රැසක් ඉටු කරන සියපත ෆිනෑන්ස් පීඑල්සී ගුණාත්මක පාරිභෝගික සේවාවක් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රකටය. සියපත ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් මෙම හැටන් ශාඛාව වෙතින්ද ලබාගත හැකිය. සියපත ෆිනෑන්ස් හැටන් ශාඛාව පිළිබඳ වැඩිදුර තොරතුරු 0517 605 605 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ පසුගිය වසර 13ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.

 

සියපත ෆිනෑන්ස් - විශ්වාසය එලෙසමයි. 

සියපත ෆිනෑන්ස් පිළිබඳ වැඩි විස්තර සඳහා http://www.siyapatha.lk වෙත පිවිසෙන්න.