News

You are here

සියපත ෆිනෑන්ස් පීඑල්සී අනුරාධපුර ශාඛාව දැන් අලූත් තැනක

Thursday, June 13, 2019
Sinhala

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී තම අනුරාධපුර ශාඛාව, 2019 ජුනි මස 03 වැනි දින සිට, අනුරාධපුර මෛත‍්‍රීපාල සේනානායක මාවතේ අංක 10 දරණ ස්ථානයේ පිහිටි නවතම ලිපිනයේ ස්ථාපිතකොට ඇත.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් ප‍්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ණය සාධ්‍යකරණය , ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් මෙම අනුරාධපුර ශාඛාව වෙතින්ද ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා නව අනුරාධපුර ශාඛා පරිශ‍්‍රය විවෘත කළ අවස්ථාවේදී අදහස් දක්වමින් ”පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවක් සපයන අප ආයතනයට අනුරාධපුර ශාඛාව ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකරනවා. සීඝ‍්‍රයෙන් වෙනස්වෙන අනුරාධපුර ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකරදීමේ බලාපොරොත්තුවෙන් වැඩි ඉඩකඩක් සහිත මෙම ස්ථානයට අප අනුරාධපුර ශාඛාව රැුගෙන ආවා. සියපත ෆිනෑන්ස් සතු උපරිම සුරක්ෂිතතාවය තහවුරු කළ හෘද්‍යාංගමවූ ගුණාත්මක පාරිභෝගික සේවාව අනුරාධපුර ගනුදෙනුකාරභවතුන්ට වඩාත් පුළුල් ලෙස මෙහිදී අත්විඳින්නට හැකියාව ලැබෙනවා.” යැයි පැවසීය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ පසුගිය වසර 14 ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.

සියපත ෆිනෑන්ස්. විශ්වාසය එලෙසමයි.