News

You are here

සියපත ෆිනෑන්ස් මයික්‍රෝ ලීසිං සමඟින් ජීවිතයේ සිහින සැබෑ කරගන්න

Tuesday, June 4, 2019
Sinhala

ශ‍්‍රී ලංකාවේ දසත විසිරී පැතිරී සිටින ව්‍යවසායකයන් හා දියුණුවීමට වෙර දරන සුවහසක් ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් සියපත ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම විසින් මයික්‍රෝ ලීසිං සේවාව පිරිනමනු ලබයි. 

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා තනි පුද්ගල ව්‍යවසායකයන්, ජාතික ආර්ථිකය ගොඩනැංවීම තුළ සුවිශේෂී භූමිකාවක නියැලෙයි. මෙම තත්වය හඳුනාගනිමින්, එකී ව්‍යාපාර සඳහා ශක්තියක් වීමට සියපත ෆිනෑන්ස් සමාගම විසින් මයික්‍රෝ ලීසිං සේවාවන් ලබාදීමට කටයුතු යොදා ඇති අතර සියපත මයික්‍රෝ ලීසිං සේවාව යටතේ ව්‍යාපාර කටයුතු, ප‍්‍රවාහන සේවා හෝ පවුලේ භාවිතය වෙනුවෙන් ලියාපදිංචි කළ හා ලියාපදිංචි නොකළ ත‍්‍රී රෝද රථ, යතුරුපැදි හා කුඩා ලොරි රථ මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට මෙම ලීසිං පහසුකම හිමි වෙයි. 

රට තුල ව්‍යවසායකයන්ගේ සංඛ්‍යාවේ වර්ධනය, නව ව්‍යාපාර ආරම්භ වීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල දියුණු වීමේ ශක්‍යතාව මත පදනම් වෙමින්, මයික්‍රෝ ලීසිං සේවා සඳහා සියපත ෆිනෑන්ස් සමාගම වැඩි අවධානයක් යොමු කරයි. එහෙයින් තම මෙහෙයුම් සියල්ල වත්මන් හා අනාගත පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව කේන්ද්‍රගත කර තිබේ. සාමාන්‍යයෙන් සම්ප‍්‍රදායික මුල්‍ය ආයතන වෙතින් සේවාවන් ලබාගැනීමට සුදුසුකම් සපුරා නොමැති, විශේෂ අවධානයක් යොමු නොවන පුද්ගලයන් හට අත්වැලක් සපයා ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමටත්, ඔවුන්ගේ ව්‍යාපාර දියුණුකිරීමටත් සියපත ෆිනෑන්ස් මයික්‍රෝ ලීසිං සේවාව තුලින් බලාපොරොත්තු වෙයි.

මයික්‍රෝ ලීසිං ක්ෂේත‍්‍රයේ වසර ගණනක අත්දැකීම් සහිත සියපත ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් "අපගේ ලීසිං සේවාවන් අතර ඇති ප‍්‍රධාන සේවාවක් වන්නේ මයික්‍රෝ ලිීසිං සේවාවයි. මේ යටතේ තී‍්‍ර රෝද රථ, යතුරුපැදි සහ කුඩා ලොරි රථ සඳහා අප ලීසිං පහසුකම් ලබාදෙනවා. මෙම සෑම රථයක්ම ප‍්‍රධාන වශයෙන් ශී‍්‍ර ලාංකිකයන් බොහෝ දෙනකුට සිය සිහින ඉටුකරගැනීම පිණිස ජීවනෝපාය ලබාදෙනවා. වගකිවයුතු මූල්‍ය සමාගමක් වශයෙන් අපගේ උත්සාහයන් වන්නේ අවශ්‍යතාවය තිබෙන පුද්ගලයන්ට ලීසිං පහසුකම ලබාදීමයි. මෙම සෑම උත්සාහයක්ම අනාගතයේ රටේ ආර්ථික වර්ධනයට දායකත්වයක් වනු දැකීම අපේ බලාපොරොත්තුවයි” යනුවෙන් සඳහන් කළේය.

සියපත ෆිනෑන්ස් සමාගම රටපුරා මයික්‍රෝ ලීසිං සේවාවන් ලබාදීම සඳහා ජවසම්පන්න සේවා කණ්ඩායමක් යොදවා තිබේ. රන් ණය හා මයික්‍රෝ ලීසිං අංශ ප‍්‍රධානී අජන්ත කුමාර මහතා විසින් එම කණ්ඩායම මෙහෙයවනු ලබයි "අපගේ මයික්‍රෝ ලීසිං පැකේජය අසමසමයි. සෑම මයික්‍රෝ ලීසිං සේවාවක් සමගම පාරිභෝගිකයන් හට වටිනා තෑගි හිමිවන අතර සෑම ගණුදෙනුකරුවෙක්ටම නම්‍යශීලී වාරික ගෙවීමේ ක‍්‍රම, අඩු ලියකියවිලි හා අඩු කාලයක් තුළ ලීසිං පහසුකම හිමිවීම වැනි වාසි හිමිවනවා. ලීසිං වාරික ගෙවීමේදී සම්පත් බැංකුව හරහා ගෙවීම් සිදුකීරීමට ඇති හැකියාව ගණුදෙනුකරුවන්ට අමතර පහසුවක් සලසා දී තිබෙනවා. එපමණක් නොව, සියපත ෆිනෑන්ස් දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයක විහිදී ඇති තම අලෙවි බලකාය හරහා ඔබ ආයතනයටම පැමිණ සේවාව ලබාදෙනවා” යැයි අජන්ත කුමාර මහතා අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.

සම්පත් බැංකු සමූහයේ විශාලතම අනුබද්ධ ආයතනය වශයෙන් සියපත ෆිනෑන්ස් පසුගිය වසර 14ක කාලයේදී ශී‍්‍ර ලාංකිකයන් රැසකගේ ව්‍යවසායකත්ව උත්සාහයන්ට සේවාව සපයා තිබේ. සියපත ෆිනෑන්ස් වර්තමානයේදී දිවයින පුරා ශාඛා 32ක් ස්ථාපිත කර ඇත. මයික්‍රෝ ලීසිං සඳහා වැඩිදුර තොරතුරු ලබාගැනීමට www.siyapatha.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0773 605605 දුරකථන අංකය අමතා ලබාගත හැකිය.

”සියපත ෆිනෑන්ස් - විශ්වාසය එලෙසමයි”