අපේ කතාව

සියපත ෆිනෑන්ස් ගැන

සම්පත් බැංකුවට පූර්ණ අනුබද්ධිත මූල්‍ය ආයතනය වන සියපත ෆිනෑන්ස් සමාගම, 2005 මාර්තු මාසයේ දී සම්පත් ලීසිං ඇන්ඩ් ෆැක්ටරින්ග් ලිමිටඩ් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලැබ එමගින් නියාමනය වන සමාගමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසායකයන්ට හා සාමාන්‍ය පාරිභෝගික ජනතාවට සේවා සැපයීම අරමුණු කොට ස්ථාපනය කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ පිරිනමනු ලබන මූල්‍ය සමාගම් බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව, 2013 සැප්තැම්බර් මාසයේ දී එහි වර්තමාන සන්නාමය වන “සියපත ෆිනෑන්ස්” ලෙසින් නැවත සන්නාම ගත කරන ලදී. වසර 19 ක් මුළුල්ලේ ස්වකීය මෙහෙයුම් කටයුතු තුළින් පාරිභෝගික ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා විශ්වාසනීය ලෙස ඉටු කරමින් සිටී.

ආයතනයේ ණය ලබා දීමේ කළඹ ලෙස ලීසිං, පුද්ගලික ණය, ව්‍යාපාර ණය, රන් මූල්‍යකරණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් සහ සාධකකරණය (ණය මුල්‍යකරණය) මෙහෙයුම් වලින් සමන්විත වේ. සියපත ෆිනෑන්ස් පීඑල්සී සේවකයින් 800 අධික කාර්‍ය මණ්ඩලයකින් සමන්විත ආයතනයක් වන අතර, ප්‍රධාන නගර සහ නගරවල ශාඛා 50 ක ජාලයක් සහිත මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ ප්‍රධාන ආයතනයකි.

Rating (Issued by Fitch Ratings Lanka) : National Long-Term Rating of ‘BBB+(lka)’ Outlook – Stable

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රය

customer protection framework දැන් බාගතකරන්න
Vision

දැක්ම

වඩාත්ම නව්‍යකරණය වූ හා විශ්වාසදායී වු ප්‍රමුඛතම මූල්‍ය
සේවා සැපයුම්කරු බවට පත්වීම.

මෙහෙවර

තම පාරිභෝගිකයන්ට නම්‍යශීලී හා නිර්මාණාත්මක මූල්‍ය විසඳුම් ලබා දෙමින් තම පාර්ශවකරුවන්ට වඩා වැඩි වටිනාකමක් එකතු කරන අතර, වෘත්තීය නිපුනත්වයෙන් හෙබි කාර්ය මණ්ඩලය ඔස්සේ ආයතනික ප්‍රශස්ත පාලනය සහතික කිරීම.

සමාගමේ සාරධර්ම

Loyalty
පක්ෂපාති
Openness
විවෘත
Trust
විශ්වාසයනීය
Unity
සාමුහික
Service Excellence
සේවා විශිෂ්ඨත්වය