සියපත ෆිනෑන්ස් මූල්‍ය තැන්පතු යනු, ඔබ විසින් වෙහෙස මහන්සි වී උපයා ගන්නා ලද මුදල් සඳහා ස්ථාවරත්වය, සේවය සහ ප්‍රතිලාභ සහතික කළ සුරක්ෂිත සේවාවකි. එය, ඔබ සහ ඔබේ සිහින වෙනුවෙන් ඔබේ පියාපත් යට සැලෙන සුළං දහරකි. කිසියම් හදිසි අවස්ථාවක දී, දේශීය හෝ විදේශීය සංචාරයක් සඳහා, දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා, ඔබේ නව නිවස, දේපළ, ඔබේ සිහින මහල් නිවාසය මිලට ගැනීම සඳහා සියපත ෆිනෑන්ස් මූල්‍ය තැන්පතු තුළ ඔබේ මුදල් ආයෝජනය කර එහි ප්‍රාග්ධනය මත ප්‍රතිලාභයක් ලබා ඔබේ සිහින සැබෑ කර ගැනීමට ඔබට පුළුවන.
සියපත ෆිනෑන්ස් සමාගම, සම්පත් බැංකු සමූහයේ විශාලතම අනුබද්ධිත මූල්‍ය ආයතනයකි. 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අප වෙත බලපත්‍ර ප්‍රදානය කරනු ලැබ ඇති අතර, ජාතික දිගු කාලීන ‘ඒ (එල් කේ ඒ)’ ශ්‍රේණිගත කිරීම යටතේ ෆිච් රේටින්ග්ස් ආයතනය විසින් ලබා දී ඇති සනාථ කිරීම ද අප සතූ ය. මනාව පාලනය වන මූල්‍ය සංස්ථාවක් ලෙස අපගේ ස්ථාවරත්වය ඉන් අවධාරණය කරයි.