නවමු පුවත්

ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය මගින් සියපත ෆිනෑන්ස් ණය ශ්‍රේණිගත කිරීම ඉහල නංවයි

Fitch upgrades Siyapatha Finance credit rating to ‘A(lka)Stable’

සම්පත් බැංකු සමූහයට අයත් ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනාගත් මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් ස්ථිර කරමින් ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය විසින් ‘A (Ika) Stable’ දක්වා ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් ඉහල දමා තිබේ. ඒ අනුව සියපත ෆිනෑන්ස් සතුව පෙර පැවැති "A (Ika) Stable” ණය ශ්‍රේණිගත කිරීම "A (Ika) Stable” දක්වා ඉහළ නංවා තිබෙන්නේ සියපත ෆිනෑන්ස් පසුපස තිබෙන දැවැන්ත ශක්තිය වන සම්පත් බැංකු සමූහයේ මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම සියපත ෆිනෑන්ස් සමාගමේ ඉහල කර්යසධනයත් මූල්‍ය ස්ථාවරත්වයත් හේතුවෙනි.

සියපත ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය මගින් සියපත ෆිනෑන්ස් ණය ශ්‍රේණිගත කිරීම ඉහල නැංවීම පිළිබඳව අදහස් දක්වමින් කියාසිටියේ, ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය මගින් අප ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම ඉහල දැමීම තුලින් අප ආයතනය කෙරෙහි පාරිභෝගික විශ්වාසය තවදුරටත් ඉහල නැංවීමට හේතුවනු ඇතග පසුගිය වසර 15 ක් තිස්සේ සුවහසක් ශ්‍රී ලාංකීය ගනුදෙනුකාරභවතුන් වෙත ඔවුන්ගේ බලාපොරොත්තු ඉටුකරදීමට සියපත ෆිනෑන්ස් සමත් වී තිබෙනවා. මූල්‍ය ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ ඇති වූ අභියෝග සමග අපි අපේ ගනුදෙනුකාරභවතුන් රැකගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නට කැපවූවා. ඉදිරියේදීත් අපගේ ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් සුපුරුදු ලෙස සියපත ෆිනෑන්ස් පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාව උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යන්නට සූදානම්.” බවයි.

සියපත ෆිනෑන්ස් ගැන

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ වසර 15ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.