නවමු පුවත්

පුද්ගලික: සියපත ෆිනෑන්ස් වෙබ් අඩවිය නව මුහුණුවරකින් ඩිජිටල් අවකාශයට

Siyapatha finance enters into a renewed digital phase through an improved corporate website

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, 16 වසරකට අධික කාලයක් තුළ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සමාගමකි. කාලානුරූපිව යාවත්කාලීන වන සියපත ෆිනෑන්ස් ආයතනය මූල්‍ය සේවා සංස්කෘතියේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස පසුගියදා තම ආයතනික වෙබ් අඩවිය නව ඩිජිටල් මුහුණුවරකින් දියත් කරන ලදී. සහෘද පාරිභෝගික භවතුන් හට ආයතනික සේවා පිළිබඳ අවශ්‍ය සියළු තොරතුරු හා දැනුවත්කිරීම් ලබාගැනීමට හැකි ආකාරයෙන් නව විශේෂාංග රැසක් සමග සියපත ෆිනෑනස්හි වෙබ් අඩවිය https://www.siyapatha.lk/ දැන් ක‍්‍රියාත්මක වේ. නවීන ඩිජිටල් ජීවන රටාවට ගැලපෙන ආකාරයෙන් ලොව ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඕනෑම වෙබ් බ‍්‍රවුසරයක් භාවිතා කර තම ස්මාර්ට් ජංගම දුරකතනය ඔස්සේ පහසුවෙන් සියපත ෆිනෑන්ස්හි සේවා තොරතුරු ලබාගත හැකි ආකාරයෙන් නව වෙබ් අඩවිය ක‍්‍රියාත්මක වේ (mobile-responsive digital platform)' මෙහිදී සේවාවන් පිළිබඳ දැනුවත් වීමට හා විමසීම් සිදු කළ හැකි වීම, “Live Chat” පහසුකම හරහා තමාට අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාගැනීමේ හැකියාව, වාහන විකුණුම් පිළිබඳ තොරතුරු, මූල්‍ය සේවාවන්ට අදාල ගණනය කිරීමේ පහසුව සහ ළඟම පිහිටි ශාඛා කාර්යාලයක් සොයා ගැනීමේ පහසුකම ඇතුළු සේවා රැසක් ඔබේ අතැඟිලි තුඩු අගට රැගෙන එන්නට මෙම වෙබ් අඩවියේ නව වෙබ් මුහුණුවර උපකාරී වේ. සියපත ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා නවතම වෙබ් අඩවිය පිළිබඳ අදහස් දක්වමින් “රට තුළ ඇතිවූ අභියෝගකාරී වාතාවරණය හමුවේ වුවද අපගේ ප‍්‍රමුඛ මූලිකත්වය ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදීමේ අපේක්‍ෂාවෙන් ඔවුන්ගේ ආරක්‍ෂාව හා පහසුව වඩාත් තහවුරු කිරීම උදෙසා අපගේ වෙබ් අඩවිය මෙසේ නව මුහුණුවරකින් අප දියත්කර තිබෙනවා. ගනුදෙනුකාර භවතුන් වෙත අප සේවාවන් ලබාගැනීමේදී අවශ්‍ය තොරතුරු ලබාදීමත් පෙරටත් වඩා ඉහළ ගුණාත්මක තත්වයකින් වෙබ් අඩවිය ආශි‍්‍රත ඩිජිටල් පාරිභෝගික සහය සේවාවක් පවත්වාගෙන යාමත් අරමුණු කරගෙන අප ආයතනික වෙබ් අඩවියට නව විශේෂාංග ගණනාවක් එකතු කරනු ලැබුවා. ” යැයි පැවසීය. ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨතම කළමනාකාරීත්වයක නායකත්වය යටතේ ක‍්‍රියාත්මක වන සියපත ෆිනෑන්ස් ආයතනය නව්‍යකරණය හා නිර්මාණශීලීත්වය මුසු කරගනිමින් තම වෙබ් අඩවිය හරහා පරිභෝගික ජනතාවට තව තවත් සමීප වෙමින් ආයතනික සහ සේවා තොරතුරු වෙත ළගා වීමට මෙම නව වෙබ් අඩවිය හරහා අවකාශය සලසා දී ඇත. Web Lankan.com පුද්ගලික ආයතනය විසින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කරන ලදී.