නවමු පුවත්

සියපත ෆිනෑන්ස් සේවා දැන් මාළඹේ සහ නිට්ටඹුව නගර සිසාරා

Siyapatha Finance Expands Assurance of trust to Malabe and Nittambuwa

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් ඵිඑල්සී තම නවතම ශාඛාව, කාර්යබහුල ජීවන රටාවක් සමග වේගයෙන් සංවර්ධනය වන නගරයක් වන මාලඹේ නගරයේ ස්ථාපිතකොට ඇත. සියපත ෆිනෑන්ස් ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් තෝරාගත් ප්‍රදේශ රැසක නව ශාඛා ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මෙම මාලඹේ ශාඛාව ස්ථාපිත වූ අතර නිට්ටඹුව නගරය කේන්ද්‍ර කරගනිමින්ද නව ශාඛාවක් පසුගිය මාර්තු මාසයේදී විවෘත කෙරිණ.

සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සභාපති සුමිත් කුමාරණතුංග සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණ මෙම මාලඹේ හා නිට්ටඹුව නව ශාඛා සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ තවත් සුවිශේෂී ශාඛා 2ක් ලෙස කැපී පෙනෙයි.

ව්‍යාපාර රැසක්, උසස් අධ්‍යාපන ආයතන, නිවාස ව්‍යාපෘති රැසක් මාලඹේ කේන්ද්‍රීයව නිර්මාණය වීමත් සමග කොළඹ දිස්ත්‍රික්කයේ තවත් එක් ජනාකීර්ණ නගරයක් බවට මාලඹේ නගරය පත්ව තිබේ. මෙය සැලකිල්ලට ගත් සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාරීත්වය, මාලඹේ ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය අවශ්‍යතා කඩිනමින් ඉටුකරවා දීම ඉලක්ක කරගනිමින් තම දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 38 වන ශාඛාව මාලඹේ නගරය වෙත රැගෙන එමින් අංක 793 ක්‍, කඩුවෙල පාර, තලංගම උතුර, මාලඹේ යන ලිපිනයේ ස්ථාපිතකොට ඇත. කොළඹ නුවර මහා මාර්ගයට යාබදව පිහිටි නිට්ටඹුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කෘෂිකාර්මික කටයුතුවල නියැලි ව්‍යවසායකයන්, නගරය ආශ්‍රිතව ස්ථාපිතව ඇති කර්මාන්ත ශාලාවන් සහිත ජනාකීර්ණ නගරයකි. සියපත ෆිනෑන්ස් නිට්ටඹුව ශාඛා පරිශ්‍රය නිට්ටඹුව කොළඹ පාරේ අංක 195 දරණ ලිපිනයේ ස්ථාපිතකොට ඇත.

සියපත ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදෙන ලීසිං, රන් ණය සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, ස්ථාවර තැන්පතු ඉතිරිකිරීමේ ගිණුම් ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් සියපත ෆිනෑන්ස් නිට්ටඹුව සහ මාලඹේ ශාඛාවන් වෙතින්ද ලබාගත හැක. සියපත ෆිනෑන්ස් සතු උපරිම සුරක්ෂිතතාවය තහවුරු කළ හෘද්‍යාංගම වූ ගුණාත්මක පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාව දැන් මාලඹේ හා නිට්ටඹුව ආශ්‍රිත ගනුදෙනුකාර භවතුන්ටද අත්විඳිය හැක.

සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා නව ශාඛා පරිශ්‍ර විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින් “සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයට මේ නව ශාඛා 2 තවත් දැවැන්ත ශක්තියක්. 15 වසරක අපගේ සංවත්සරය සමරන මේ වසරේදී ගතවූ දශකයකට අධික කාලයක් තිස්සේ අප සමග රැඳී සිටින හිතවත් පාරිභෝගික ජනතාවගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතා ඉටුකර දෙන්නට ලැබීම පිළිබඳවත් අප බෙහෙවින් සතුටු වෙනවා.”යැයි පැවසීය.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ වසර 15ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.

Siyapatha Finance PLC proudly derives strength and security from being the largest fully-owned subsidiary of the Sampath Bank Group.

"සියපත ෆිනෑන්ස් - විශ්වාසය සහතිකයි."