නවමු පුවත්

සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව පිටකොටුවට

Siyapatha Finance Opens 34th Branch in Pettah

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සීල පිටකොටුව ශාඛාව, 2019 ජූලි මස 11 වැනි දින, පිටකොටුවේ, කෙලින් වීදියේ අංක 341 දරණ ස්ථානයේ දී සුබ මොහොතින් විවෘත කරන ලදී.

සියපත ෆිනෑන්ස් හි නියෝජ්‍ය සභාපති ප්‍රශාන්ත ලාල් ද අල්විස්ල කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, සහ අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ආරාධිත අමුත්තන් රැසක් ඇතුළු සියපත ෆිනෑන්ස් කළමනාකාරීත්ව සාමාජිකයන් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණ මෙම පිටකොටුව නව ශාඛාව සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ 34 වැනි ශාඛාව වේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළඳ නගරය වන පිටකොටුව නගරයේ පවතින වාණිජමය වැදගත්කම මෙන්ම ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වන පාරිභෝගික ජනතාවට සියපත ෆිනෑන්ස් සේවාවන් ව්‍යාප්ත කිරීම නව ශාඛාව විවෘත කිරීමේ අරමුණයි.

සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා පිටකොටුව ශාඛා පරිශ්‍රය විවෘත කළ අවස්ථාවේදී අදහස් දක්වමින් “පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවක් සපයන අප ආයතනයට පිටකොටුව ශාඛාව ඉතා වැදගත් ස්ථානයක් වේවි යැයි අප විශ්වාස කරනවා. සම්පත් බැංකුවට පුර්ණ අනුබද්ධිත මුල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් සමාගම

තම මව් සමාගමේ ශක්තිය සමග බිහිවූ උපරිම සුරක්ෂිතතාවය තහවුරු කළ හෘද්‍යාංගමවූ ගුණාත්මක පාරිභෝගික සේවාව පිටකොටුව ගනුදෙනුකාරභවතුන්ටත් දැන් අත්විඳින්නට පුළුවන්. පිටකොටුවට දිවයිනේ දස දෙසින් ඇදී එන දහස් සංඛ්‍යාත ජනතාවටත් පිටකොටුව නගරවාසී විවිධ ජන කණ්ඩායම් නියෝජනය කරන පාරිභෝගික ජනතාවටත් ඔවුන්ගේ මුල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අප හා අත්වැල් බැඳගන්නා ලෙසට මා ගෞරවයෙන් ආරාධනා කරනවා.” යැයි පැවසීය.

සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් පිටකොටුව ශාඛාව වෙතින්ද ලබාගත හැකිය.

“Siyapatha Finance – Trust Assured”

සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ පසුගිය වසර 14ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.

Ms. Kanchana Gunawardena – Assistant Divisional Secretary, Colombo and Mr. M.T.M Iqbal – Deputy Mayor, Municipal Council Colombo officially open the Pettah Branch in the presence of Mr. Ananda Seneviratne – Managing Director, Mr. Prashantha Lal de Alwis – Deputy Chairman and Mr. PadmakumaraRajapakse – Branch Manager, Pettah of Siyapatha Finance PLC

”‍සියපත ෆිනෑන්ස් - විශ්වාසය එලෙසමයි”‍