නවමු පුවත්

සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම ශාඛාව යාපනයට

Siyapatha Finance PLC celebrates the expansion of its network via a new branch in Jaffna

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී තම නවතම ශාඛාව, 2019 අගෝස්තු මස 01 වැනි දින යාපනයේ රෝහල පාරේ අංක 388 දරණ ස්ථානයේ ස්ථාපිත කරන ලදී.

සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සුමිත් කුමාරණතුංග සහ ජයනාත් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පාරිභෝගික පිරිසකගේ හා සියපත ෆිනෑන්ස් කළමනාකාරීත්ව සාමාජිකයන් රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණ යාපනය නව ශාඛාව සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ 35 වැනි ශාඛාව වේ.

30 වසරක යුද්ධයෙන් පසු පිබිදෙන ආර්ථිකයක් සහිත ජනාකීර්ණ නගරයක් වන යාපනය නගරය උතුරු පළාතේ ප්‍රධාන වෙළඳ නගරය වේ . සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදෙන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් යාපන අර්ධද්වීපයේ විවෘත වූ මෙම සියපත ෆිනෑන්ස් පළමු ශාඛාව වෙතින්ද ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා නව යාපනය ශාඛා පරිශ්‍රය විවෘත කළ අවස්ථාවේදී අදහස් දක්වමින් “පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාවක් සපයන සියපත ෆිනෑන්ස් දීප ව්‍යාප්ත ශාඛා ජාලයට යාපනය ශාඛාව තවත් ඉතා වැදගත් ස්ථානයක් වේවි යැයි අප විශ්වාස කරනවා. අප ආයතනය සතු උපරිම සුරක්ෂිතතාවය තහවුරු කළ හෘද්‍යාංගමවූ ගුණාත්මක පාරිභෝගික සේවාව යාපනයේ ගනුදෙනුකාරභවතුන්ටත් දැන් අත්විඳින්නට පුළුවන්. නැවුම් බලාපොරොත්තු රැසක් සමග පිබිදෙන යාපනයේ අපේම සහෝදර ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා වඩාත් පහසුවෙන් ඉටුකර ගන්නට අප හා අත්වැල් බැඳගන්නා ලෙසට මා ගෞරවයෙන් ආරාධනා කරනවා.” යැයි පැවසීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ පසුගිය වසර 14ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.

“සියපත ෆිනෑන්ස් - විශ්වාසය එලෙසමයි”