නවමු පුවත්

පුද්ගලික: සියපත ෆිනෑන්ස් කොහුවල ප්‍රදේශයේ මාර්ග ආරක්‍ෂාවට පහසුකම් සලසයි

Siyapatha Finance promotes road safety awareness in Kohuwala city

සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනය විසින් කොහුවල නගරයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වගකිවයුතු මාර්ග භාවිතයන් තුලින් අනතුරුවලින් තොර පරිසරයක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහාත් මාර්ග ආරක්ෂණ සංඥා පුවරු කොහුවල පොලිස් ස්ථානයට පරිත්‍යාග කරන ලදී. සියපත ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා සහ ප්‍රධාන අලෙවි නිලධාරී මතීෂ හේවාවිතාරණ යන මහත්වරුන් හා සියපත ෆිනෑන්ස් ආයතනයේ සාමාජිකයින්ගේද සහභාගීත්වයෙන් කොහුවල රථවාහන අංශයේ ස්ථානාධිපති තරිඳු මධුශංක මහතා වෙත මාර්ග ආරක්ෂාව පිළිබඳ සංඥා පුවරු භාර දෙන ලදී.