නවමු පුවත්

විශිෂ්ඨත්වය හා විශ්වාසනීයත්වය සමග සියපත ෆිනෑන්ස් පෙරටම

Siyapatha Finance reiterates Service Excellence and Stability

දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවට හා එහි සමාගම් සමූහයට අයත් විශාලතම සමාජික සමාගම ලෙස සිය 15 වන වර්ෂ පූර්ණ සංවත්සරය පසුගිය වසරේදී සමරනු ලැබීය. කළමනාකරණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෘත්තිකයන් පිරිසකින් සැදුම් ලත් සියපත ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිත්වය සුමිත් කුමාරණතුංග මහතා හොබවනු ලබයි.

දිනෙන් දින වෙනස්වන සමාජ ආර්ථික වටපිටාව හඳුනාගනිමින්, නිරන්තරයෙන් නව්‍යකරණ හා නම්‍යශීලී මූල්‍ය විසඳුම් ඉදිරිපත් කරන සියපත ෆිනෑන්ස් පීඑල්සී තම ගනුදෙනුකරුවන් කෙරෙහි විශ්වාසය සුරැකි පාරිභෝගික කේන්ද්‍රීය හෘද්‍යාංගම සේවාවක් සපයනු ලබන්නේ ඔවුන් වෙත හිතෛෂීභාවයෙන් යුතුව විවෘත වෙමිනි. ඒ ඒ අංශයන්හි සේවයේ නියුතු විශේෂඥ වෘත්තීයවේදී කාර්ය මණ්ඩලයක එකමුතුවෙන් සැදුම් ලත් සියපත ෆිනෑන්ස් කාර්ය ශූර සේවා විශිෂ්ඨත්වයක් උදෙසා සුප්‍රකටය. තම ගනුදෙනුකාරභවතුන් හා ආයතනික පාර්ශ්වකරුවන් වෙත සැබෑ වටිනාකමක් එක්කරන්නට සියපත ෆිනෑන්ස් සමත්ව සිටියි.

ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීමේ ගිණුම් ඇතුළු මූල්‍ය සේවා රැසක් සියපත ෆිනෑන්ස් වෙතින් ලබාගත හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනු ලබන අවම ප්‍රාග්ධන වත්කම වන රුපියල් බිලියන 2. 5 සීමාව 2021 ජනවාරි මස 01 වැනිදින පසුකරන්නට සියපත ෆිනෑන්ස් සමත්වන්නේ රුපියල් බිලියන 4 කට අධික මූලික ප්‍රාග්ධනයක් සම්පූර්ණ කරමිනි.

සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ වසර 15ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ග්‍රාමීය ජනතාව ඉතුරුකිරීම් කෙරෙහි දිරිගන්වන අතරවාරයේ ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නට සමත් වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.

උතුර හා නැගෙනහිර පළාත් ඇතුළුව දීප ව්‍යාප්ත ශාඛා මධ්‍යස්ථාන 40 ක් හරහා සියපත ෆිනෑන්ස් සේවා ඉටුකරනු ලබයි. COVID-19 වැනි ගෝලීය වසංගත අභියෝග තත්වයක් මැද වුවද සිය මූල්‍ය ස්ථාවරත්වය රැකගනිමින් අඛණ්ඩව සිය ගනුදෙනුකාරභවතුන්ට උසස් සේවාවක් ඉටු කරන්නට සමත් වූ සියපත ෆිනෑන්ස් කොහුවල, නිට්ටඹුව, මාලඹේ, මාතලේ සහ දඹුල්ල යන නගරයන්ගේ ශාඛා 5ක් විවෘත කරන්නට සමත් විය. කටුගස්තොට, මාතර, අම්පාර, නුවරඑළිය, මීගමුව, කුරුණෑගල, පෑලියගොඩ, නුගේගොඩ, සයින්දමරුදු, අනුරාධපුර, රත්නපුර, කෑගල්ල, කුලියාපිටිය, වව්නියාව, කුරුණෑගල නගර ශාඛාව, මහනුවර, කල්මුණේ, අවිස්සාවෙල්ල, මඩකලපුව, ගම්පහ, කළුතර, ත්‍රිකුණාමලය, වැල්ලවත්ත, ගාල්ල, පානදුර, කිරිබත්ගොඩ, මහරගම, වත්තල, හැටන්, පිළියන්දල, හලාවත, මොරටුව, පිටකොටුව සහ යාපනය නගරයන්හි සියපත ෆිනෑන්ස් ශාඛා මධ්‍යස්ථාන ක්‍රියාත්මකය.

COVID-19 අභියෝගය හමුවේ ව්‍යාපාරික ආයතන රැසක් මූල්‍යමය අසීරුතාවයකට පත්ව සිටි 2020 වසරේදී වුවද තම කාර්ය මණ්ඩලයේ වැටුප් අඩුකිරීමක් හෝ සේවක සංඛ්‍යාව අඩුකිරීමකින් තොරව සේවක සුභසාධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නට සියපත ෆිනෑන්ස් කටයුතු කරන ලද්දේ තම ආයතනයේ විශිෂ්ඨ සේවා සංස්කෘතිය එම අභියෝගකාරී පරිසරය තුල පවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වෙහෙසුණු සේවක මණ්ඩලය වෙත කෘතවේදීව ව්‍යාපාරික ආයතනයක් සතු සාමාජීය වගකීම මැනැවින් අවබෝධ කරගනිමිනි.

නිරෝධායන ඇඳිරිනීතිය පැවැති කාලසීමාවේත් ඉන් පසු හා COVID-19 අවදානම තවමත් පහව නොගිය වටපිටාවක වුවද රජය හා සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් අන්තර්ජාලගත සේවාව හා ශාඛා මධ්‍යස්ථාන සේවාව ගනුදෙනුකාරභවතුන්ගේ මූල්‍ය අවශ්‍යතා සුරක්ෂිත ක්‍රමවේදයක් යටතේ නොපිරිහෙලා ඉටුකරන්නට සියපත ෆිනෑන්ස් කටයුතු කරනු ලබයි.

සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා ර්‍ණසියපත ෆිනෑන්ස් කාර්ය මණ්ඩලය COVID-19 වසංගතයේ අභියෝගය මැනැවින් වටහාගෙන කටයුතුකරනු ලබනවා. අපේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවත් අප හා එක්ව සිටින පාර්ශ්වයන්ගේ ආරක්ෂාවත් අප සමග එදිනෙදා කටයුතු කරන ගනුදෙනුකාරභවතුන්ගෙ ආරක්ෂාවත් අප තහවුරුකොට තිබෙනවා. අභියෝග රැසක් මැද්දේ වුවත් අප සමාගම මේ තරම් සාර්ථකත්වයක් කරා රැගෙන එන්නට අපේ කාර්ය මණ්ඩලය එකමුතුව මෙතෙක් කළ වැඩ කොටස මා පුදුමකරවනවා. ඔවුන් අප සමාගමට ආඩම්බරයක්.” යැයි පැවසීය. 2020 වසරේ ශ්‍රී ලංකා මූල්‍ය ක්ෂේත්‍රය පමණක් නොව සමස්ථ ආර්ථිකයම විශාල පසුබෑමකට ලක්වූ මොහොතක සියපත ෆිනෑන්ස් තම ගනුදෙනුකාරභවතුන්වෙත නොවෙනස් සේවාවක් ලබාදෙමින් නොසැලී ඉදිරියට ආ පරිදි ඉදිරියටත් ගනුදෙනුකාරභවතුන් වෙත උසස් සේවාවක් සම්පාදනය කරන්නට සියපත ෆිනෑන්ස් සවිමත්ය.

“සියපත ෆිනෑන්ස් - විශ්වාසය එලෙසමයි”