නවමු පුවත්

සියපත ෆිනෑන්ස් වෙතින් දිවයින පුරා රෝහල් රැසකට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ

Siyapatha Finance takes steps to support the Health sector; donates essential medical equipment to hospitals across the country.

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් ඣඪෂෘ 19 ගෝලීය වසංගතය හමුවේ අභියෝග රැසකට මුහුණ පෑ ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ හඳුනාගත් අවශ්‍යතා රැසක් සපුරාලන්නට කටයුතුකොට තිබේ. සියපත ෆිනෑන්ස් පීඑල්සී ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘති යටතේ මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් තෝරාගත් අවශ්‍යතා බහුල රජයේ රෝහල් 11 ක් වන ගම්පහ, කෑගල්ල, මාතලේ, අවිස්සාවේල්ල සහ වවුනියාව යන දිස්ත‍්‍රික් මහ රෝහල් වෙතද, සයින්දමරුදු, අතරගල්ල ගල්ගමුව, කටුගහහේන සහ වලාන වැලිගම යන ප‍්‍රාදේශීය රෝහල් වෙතද, හෝමාගම මූලික රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙතද දැඩි සත්කාර ඒකක ඇඳන් 10 ක් (ෂක්‍ඹ ඉැාි*, ඉැා චමකිැ දංසපැඑැරිල වෛද්‍ය උපකරණ රැගෙන යන ට්‍රොලි යනාදී වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කොට ඇත.

සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙනුවෙන් අදහස් දැක්වූ එහි කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා

”ආයතනික සමාජ වගකීම් නිසි ලෙස ඉටුකරන වගකිවයුතු මූල්‍ය සේවා සමාගමක් ලෙස සියපත ෆිනෑන්ස් සැමවිටම ශ්‍රී ලාංකීය ජනසමාජයේ යහපැවැත්ම වෙනුවෙන් කළ හැකි ඉහළම දේ සිදුකරන්නට කිසිවිටෙකත් පසුබට වෙන්නේ නැහැ.

සියපත ෆිනෑන්ස් අප මෙවැනි පරිත්‍යාගයන් සිදු කිරීමට පෙළඹුනේ ඣඪෂෘ 19 අභියෝගකාරී අවස්ථාවේ සීමිත සම්පත් සමග වෙහෙසෙන අපේ ජනතාවගේ ජීවනාලිය බඳු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ යහපැවැත්ම වෙනුවෙන් කැපවෙන අපේ රටේ සුව විරුවන්ට ශක්තියක් වීමටත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් අපේම ශ‍්‍රී ලාංකිකයන්ට අස්වැසිල්ලක් වීමත් අරමුණු කරගෙනයි.

මේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ප‍්‍රමුඛ දායකත්වයක් ලබාදුන් අප ආයතනයේ සේවය මණ්ඩලය පිළිබඳ මා බෙහෙවින් සතුටු වනවා ”යි පැවසීය.