leasing

රන් ණය

ඔබගේ එදිනෙදා මූල්‍ය අවශ්‍යතාවන්ට සරිලන පරිදි අපගේ රන් මූල්‍යකරණය හරහා අසමසම මූල්‍ය විසඳුම් අපි ඔබ වෙත ලබා දෙන්නෙමු. ඔබගේ රන් ආභරණ සඳහා උපරිම වටිනාකමක් ලබා දීම, ඔබගේ රන් භාණ්ඩවල ආරක්ෂාව සහතික කිරීම හා වේගවත් සේවාවක් ලබාදෙන අතරම ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තුළින් ඔබ වෙත පිරිනැමෙන මෙම සුවිශේෂී ණය සේවා පහසුකම අප ඔබ වෙත අවධාරණය කර සිටිනූයේ ඉමහත් සතුටිනි.

-රන් ණය-

Gold Loan
Gold Loan

ඕනෑම හදිසි අවස්ථාවක දී ඉක්මන් මූල්‍ය උපකාරය අවශ්‍ය වන සෑම කෙනෙකුටම මිනිත්තු කිහිපයක් ඇතුළත ඔබේ පුද්ගලික රන් භාණ්ඩ තබා කඩිනම් ණය අත්තිකාරමක් ලබා ගැනීමේ පහසුකම සියපත රන් ණය තුළින් ඔබ වෙත පිරිනැමේ.

සුවිශේෂී ලක්ෂණ
  • අවම පොලී අනුපාතයක් සහිත ආකර්ෂණිය ණය අත්තිකාරම්.
  • ඉතා කෙටි කාලයක් තුළ පිරිනැමෙන යුහුසුළු සේවය.
  • කොටස් වශයෙන් බේරුම් කිරීමේ පහසුකම්.
  • ඔබේ රත්තරන් වල සැබෑ කැරට් ප්‍රමාණය නිවැරදිව තක්සේරු කර සුහදශීලී සේවාවක් ඔබ වෙත සැපයීමට මනා පළපුරුද්දක් සහිත වෘත්තීය කාර්ය මණ්ඩලයක්.
  • රන් ණය ගනුදෙනුවේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සහතික කිරීම.
  • ඔබේ අවශ්‍යතාවය මත මාස 1 සිට 12 දක්වා කාල පරිච්ඡේදයක් තුළ රන් භාණ්ඩ බේරුම් කිරීමේ කාලය ඔබ විසින්ම තීරණය කිරීමේ පහසුකම.
  • දිවයින පුරා පිහිටුවනු ලැබූ පාරිභෝගික සේවා සබඳතා ස්ථාන සහ සති අන්ත සේවා පහසුකම්
වැඩිදුර විස්තර සඳහා 0770 125 125

- ව්‍යාපාරික රන් ණය -

Business Gold Loan
Business Gold Loan

මෙම නිපැයුම සුවිශේෂීවම නිර්මාණය කර ඇත්තේ, අවම පොලී අනුපාතයක් මත, තම අභිමතයට රුචි අයුරින් සුසැදි කාර්යක්ෂම ගනුදෙනු ක්‍රියාවලියක් ඔස්සේ ඉටු කෙරෙන සේවා වටපිටාවක් තුළ ස්වකීය රන් ආභරණ උකසට තබා තම ක්ෂණික ව්‍යාපාරික මුදල් අවශ්‍යතා සපුරා ගැනීමට අපේක්ෂා කරන ව්‍යවසායකයන් සඳහා වන අතර එමගින් පෝලිම්වල රැඳී නොසිට තම වටිනා කාලය ඉතිරි කර ගැනීමට ද ඔවුනට හැකි වනු ඇත.

සුවිශේෂී ලක්ෂණ
  • ඔබේ රන් භාණ්ඩ සඳහා වැඩිම රන් ණය අත්තිකාරම්.
  • රන් ණය වෙළඳපොලේ අඩුම පොලී අනුපාත යටතේ ඔබ වෙත පිරිනැමෙන ණය.
  • සැඟවුනු / අමතර ගාස්තු කිසිවක් අය නොවේ .
  • ඔබේ අභිමතය පරිදි පහසු වාරික වශයෙන් රන් ණය බේරුම් කිරීමේ හැකියාව.
  • පහසුවෙන් ආපසු ගෙවීමේ යෝජනා ක්‍රම.
  • ඕනෑම ගනුදෙනුවක් සඳහා තම නියෝජිතයා නම් කිරීමට ව්‍යාපාර හිමිකරුට ඇති හැකියාව.
වැඩිදුර විස්තර සඳහා 0770 125 125